Tuesday, November 5, 2013

Krrish 3 (2013) බලනව නම් මෙහෙට එන්න.

Krrish 3 (2013)



ඔන්න Krrish 3 පිටවුනා. මේක රිලීස් වුනේ නොවැම්බර් 1 වෙනිදා. අදට දින 5යි මේ චිත්‍රපටය මේවනවිට වාර්ථා බර ගානක් බිඳගෙන ඉදිරියට ඇවිත්. මේකෙ ප්‍රධාන චරිතයට පන පොවන්නෙ කවුද කියල කවුරුත් දන්නවනෙ දන්නෙ නැති අය බලාගන්න. වැඩි විස්තර ඕන නම් ඔය උඩ තියෙන පින්තූරෙ උඩ ක්ලික් කරල බලාගන්න.


ඔය ඉන්නෙ Hrithik Roshan  (ක්‍රිෂ්) මේකෙදි මෙයාගෙ තාත්තගෙ චරිතෙට පණ පොවන්නෙත් මොහුමයි.මෙයාගෙ බිරිඳ විදියට ඇක්ට් කරන්නෙ මෙයා
Priyanka Chopra  (ප්‍රියා) දැන් මෙයා ගායිකාවක් කියල සමහරු දන්නවත් ඇති.

මේ දෙන්න ගැන කිව්ව ඇති අපි විත්‍රපටිය ගැන කතාකරමු. මේකෙ වෙන්නෙ මෙහෙමයි. රෝහිත්
 ඒ කියන්නෙ ක්‍රිෂ් ගෙ තාත්ත එහෙමත් නැත්නම් ක්‍රිෂ්ණා ගෙ තාත්ත. මෙයා මොල කාරයනෙ මෙයා
හදනව ප්‍රථිජීවකයක් මිනිසුන්ගෙ යහපත උදෙසා. ඔය අතරෙ මේ අය අතරට එනව හතුරො. හතුරො වෙන්නෙ ඔවුන් හදනව වයිරසයක් ඒක නිර්මාණය කරන්නෙ කාල් කියල කෙනෙක් එයාටත් බලයක් තියෙනව එයාගෙ සෙට් එකේ ඉන්නව  අමුතු අමුතු වැඩ දාන හතර පස්දෙනෙක් මේ කාල් කියන කෙනාට ඕන සල්ලි. ඒක නිසා එයා අර හදපු වයිරසය ඉන්දියාවෙ පතුරවනව. වෙලාවට ප්‍රථිජීවකයක් රෝහිත් නිර්මාණය කරල තිබ්බ හැබැයි ඒක පරීක්ෂණ මට්ටමේ තිබ්බෙ. මොනව කරන්නද මිනිස්සු ඔක්කොම ලෙඩ වෙනව. ක්‍රිෂ් තාත්තට කියනව ඔය බෙහෙත මට විදින්න කියල. ඉතින් එයාට බෙහෙත විදිනව. හිතුව වගේ ම බෙහෙත සාර්ථකයි. දැං මේක වයිරසය පැතිරුනු තැන්වල ඉහල අහසේදි පුපුරවනව හැම තැනටම බෙහෙත විසිරෙන්න. පස්සෙ ඔක්කෝම හොදවෙනව. අර කාල්ට දැන් මාර අප්සට්. කවුද මේක කරේ කියල හොයනව. පස්සෙ කාල් ප්‍රියාව උස්සනව පස්සෙ කාල්ගෙ සෙට්එකේ කෙල්ලෙක් ඉන්නව ඕන විදියකට වෙස් පෙරලා ගන්න පුලුවන් කෙනෙක් එයාව යවනව ප්‍රියා විදියට. ඔහොම යද්දි අර කෙල්ලට කිෂ් ගැණ පුංචියට හිතේ ඇල්මක් ඇතිවෙනව මේවන විටත් ඒ කෙල්ල දන්නෙ නෑ ක්‍රිෂ් කියන්නෙ ක්‍රිෂ්ණට කියල . පස්සෙ ක්‍රිෂ්ගෙ තාත්තවත් උස්සනව. අන්න ඊට පස්සෙ මේ කෙල්ලව ක්‍රිෂ් ඇවිල්ල අල්ලගෙන යනව කාල් ඉන්න තැනට. දැං කෙල්ලත් ක්‍රිෂ්ගෙ පැත්තෙ. ඔය අතරෙ ක්‍රිෂ්ගෙ තාත්තගෙ අස්ථි කාල් එයාගෙ ඇගට පරිවර්ථනය කරගන්නව මොකද කාල් කියන කෙනාට ඇවිදින්න බෑ. කාල් රෝහිත්ගෙ අස්ථි ගත්තනෙ දැං රෝහිත්ට ඇවිදින්න බැරි වෙනව. ඔය හොම යද්දි. අර කෙල්ල ඔතෙන්ට කඩාගෙන පැනල ෆයිට් එකක් යනව කාල් එක්ක. එතනදි කෙල්ල මැරෙනව.පස්සෙ කිෂ් ඇවිල්ල එයත් කාල් එක්ක ෆයිට් කරනව එයත් මැරෙනව. කාල් යනව දැන් නගරෙට. කිෂ්ගෙ තාත්ත රෝහිත් පොඩි ගැජට් එකක් හදල තිබුන පණ නැති දේවල් වලට පණ දෙන්න පුලුවන් එකක්. ඒකට හිරු එලියෙන් තමයි ශක්තිය ලැබෙන්නෙ. ඕක හරේ මෙහේ කරකවල රෝහිත්ගෙ බලයත් ක්‍රිෂ්ට දෙනව ඒකෙන්. රෝහිත් පිච්චිලා විනාෂ වෙනව. ක්‍රිෂ්ට  පණ එනව. දැන් මාර ශක්තියක් ක්‍රිෂ්ට  තියෙන්නෙ.  ඔය අතරෙ අහින්සක මිනිස්සුන්වයි ප්‍රියාවයි මරන්න යකඩ උල් වගයක් පාකරල එවනව. ක්‍රිෂ් ව නවත්තනව එයාගෙ බලයෙන්. දැන් හෙන කලබැගෑනියයි. ඔහොම යද්දි අර මිනිහව ලොකු මැග්නට් එකකට ඇලවෙනව. මොකද එයා ඇදන් ඉන්නෙ යකඩ ඇදුමක් නිසා. එතෙන්දි කිෂ් ගහනව ගලවල අරගෙන. පොලවෙ ගහල ගහල විසිකරනව. ගිහින් බලද්දි යකඩ කූරක් පපුවෙ ඇනිල කිෂ් හිතුවෙ මැරිල කියල. අනෙක් පැත්ත බලද්දි ක්‍රිෂ්ට  අනිනව යකඩය කින්.  දැන් ක්‍රිෂ්ට අමාරුයි. කරන්න දෙයක් නෑ ක්ෂනිකව අහසට නැගිල අර ගැජට් එක අතට අරන් හිරු එලියට අල්ලනව. ඒක ක්‍රියාත්මක කරල කාල්ව පිච්චිලා යනව. ඊට පස්සෙ දැන් ඔක්කොම නිදහස්. ප්‍රියාට බබෙක් ලැබෙන්න හිටිය එයාවත් ලැබෙනව. ඒ බබාටත් තාත්තගෙ බලය තියෙනව. ඔතනින් කතාව ඉවරවෙනව.

මගේ අතත් රිදෙනව ටයිප් කරලම ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ මේක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් සහ මීඩියාෆයර් වලින් එහෙනම් බාගන්න අලුත් ෆිල්ම් එකක් ආවොත් එසැනින් දෙනව හොදේ

mediafire

(Size: 712.58 MB)

Torrent

(Size: 700.99 MB)




මේ ලිපියට තරු කීයක් දෙනවද:

0 comments:

Post a Comment

ඔබේ ප්‍රථිචාරය අපගේ ඉදිරි ගමනට ඉතා වැදගත්..

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-