Wednesday, November 14, 2012

සුපිරි ගේම් 1ක් ගහමුද?



           ආයුබෝවන්!


යාලුවනේ මේක තමයි මගේ පලවෙනි පෝස්ට් එක.මේ ලිපිය සුබ මොහොතින් මගේ හොඳම මිතුරා වන සුපුන් චාමිකගේ සුරතින් මේ ලිපිය අන්තර්ජාලයට එක් වන වගයි. මම ලියන දේවල් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනව.මම මේ ලියන ‍දේවල් ගැන ගාඩක් අය දන්න වත් ඇති. ඒ වගේම නොදන්න අයත් ඕන තරම් ඇති. ඉතින් මම දන්න දේවල් දන්නා තරමින් ඔයාලට කියල දෙන්නයි මගේ බලා පොරොත්තුව මේක මගේ පලවෙනි පෝස්ට් එක නිසා ගොඩක් අඩු පාඩු ඇති මට ඒවා හදාගන්න පුලුවන් වෙන්නෙ ඔයාල ඒව මට කිවුවොත්නෙ ඒ නිසා ඔයාල මට ඒවා හදා ගන්න වගේම දිරිමත් කරනව නම් මට සතුටුයි.ඒක නිසා Comment එකක් දාල යන්න.මම මේ පෝස්ට් කාගෙවත් බ්ලොග් එකක තියෙන එකක් Copy,Past කරනවනම් නෙවෙයි.මම මගේ භාශාවෙන් මගේ අතින් ලියල තමයි මේවා දාන්නෙ.ඒක නිසා ඔයාලගේ ප්‍රථිචාර මම බලාපොරොත්තු වෙනවා.ඔයාලට Comment කරන්න ලේසි වෙන්න FB Comment Box එක ඇඩ් කරල තියෙන්නෙ. මගේ ගැන කියනව නම් මම ප්‍රමෝද් ප්‍රියශාන් මම ඉන්නෙ තිස්සමහාරාමෙ පන්නෙගමුව කියන ගමේ, සමහරු දන්නවත් ඇති මේ කොහේද කියල මම පරිගණක ආශ්‍රිතව කෙරෙන දේවල් හොයන්න ගොඩක් ආසයි.මගේ වයස අදට හරියටම *8 යි. අද තමයි මගේ උපන් දිනය මම අන්තර්ජාලයේ අහු මුලු වල රිංගල අලුත් අලුත් දේ හොයන්න කැමති කෙනෙක් ඉතින් මේ කියෙවුවා හොඳටම ඇති, අපි දැන් වැඩට බහිමු.

මම ඉස්සෙල්ලාම ඔයාලට දෙන්න හදන්නෙ සුපිරි ගේම් 1ක්.

මේක වෙනස්ම විදියේ ගේම් 1ක් Call of Duty – Crysis වගේ ලොකු ලොකු ගේම් ඉවර කරපු කට්ටිය අපි අතර ඉන්නවා ඇති. ඒ අය විශේෂයෙන්ම මේක ගහන්න පුලුවන්ද බලන්න. අනිත් අයත් අමතක කරන්නෙ නෑ ඒ අයත් අනිවාර්යෙන්ම මේක ගහන්න පුලුවන්ද බලන්න. මේකෙ අපිට දිනන්න ති‍යෙන්නෙ Levels 3යි. මේ ගේම් එකෙන් වෙන්නෙ අපේ අතින් කොච්චර හොඳට මවුස් එක හසුරවන්න පුලුවන්ද කියල බලන එක. ඔයා Photoshop වල Lasso Tool එකෙන් එහෙම වැඩ කරද්දි අත වෙවුලනවද? බලන්න මේ ගේම් එක ගහද්දිත් අත වෙවුලනවද කියල. ඔයාට මේ ගේම් 1ක දැක්ක ගමන් හිතෙන්න පුලුවන් අයියෝ මේකත් වැඩක්ද කියල. බලන්නකෝ මේක කොච්චර අමාරුද කියල. මේක ගහද්දි Headphone 1ක් තියෙනව නම් ඒක දාගන්න. නැත්තම් Speaker සෙට් 1ක් ඇතිනෙ. එහෙනම් ඒක ඔන් කරල සද්දෙ චුට්ටක් වැඩිකරන්න. මේකෙ නීති ටිකක් තියෙනව ඔය කලු පාට ටිකේ මවුස් පොයින්ට් එක වද්දන්න බෑ. තව තියෙනව ඒව සිංහලෙන් කියාවි. ඒකයි ස්පීකර් ඔන් කරන්න කිවුවෙ. තුන් වෙනි Level එක තමයි අමාරුම එක. ආ දැන් මේ කිවුවා ඇති එහෙනම් සෙල්ලම් කරලම ඔයාලගෙ අදහස් කියන්නකෝ.



මේ ලිපියට තරු කීයක් දෙනවද:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-