Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Saturday, July 5, 2014

Super Copier සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එක....


Super Copier සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එක....  වින්ඩෝස් 8 වලටත් වැඩ...



ඔන්න  අද දෙන්න යන්නෙ පට්ට වැදගත් සුපිරිම කොපි සොෆ්ට්වෙයාර් එකක්.
මේක ටෙරා කොපි වලට ටිකක් සමානයි.  හැබැයි ටෙරාකොපි වලට වඩා ගොඩක්  ස්පීඩ්. මට නම් ගිගාබයිට් 3 ක් කොපි කරන්න තත්පර 35 ක් වගේ පොඩි වෙලාවයි ගියේ.



මේකෙ අපිට තව පහසුකමක් දීල තියෙනව. අපිට විටෙකදි  හිතුනොත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් නැතිව ඉස්සෙල්ලා විදියට කොපි කරන්න ඕන කියල හිතුනොත් පල්ලෙහා ටස්ක් බාර් එකේ තියෙන මේ අයිකන් එක
උඩ එකපාරක් ක්ලික් කරොත් ආයෙමත් වින්ඩෝස්  ඔපරේටින් සිස්ටම් එකේ එන පරණ කොපි ටූල් එකට මාරුවෙන්න පුලුවන්. ආයෙමත් ඕන කියල හිතුනොත් ආයෙමත් එකපාරක් ක්ලික් කරන්න. එතකොට පරණ එකෙන් සොෆ්ට්වෙයාර් එකට මාරු වෙනව. ඒක තමයි මේකෙ තියෙන විශේෂම පහසුකම. මේක වින්ඩෝස් 8 වලටත් වැඩකරනවා. ආ වැඩි කතා ඕන නෑ ඔයත් දාගෙනම අදහස් කියන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න



මේ ලිපියට තරු කීයක් දෙනවද:

Thursday, November 15, 2012

මකන්න බැරි ඒවා බලෙන් මකමු.

Post No - 2
යාලුවනේ මේක තමයි මගේ දෙවෙනි ලිපිය. මේ ලිපියෙන් මම ඔයාලට දෙන්න යන්නෙ Unlocker කියන Software එක. මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල බලමු. ඔයාගෙ Computer එකේ තියෙනවද Delete කරන්න බැරි Files,Folders එහෙම. Delete කරන්න ගියාම මේ වගේ විකාර Error Messages එනවද?






අහ් කියන්න අමතක වුනා Delete කරන්න බෑ කියල ඔය C: එකේ තියෙන System Files එහෙම Delete කරනව එහෙම නෙවෙයි. ඔය වෙන වෙන තැන් වල තියෙන Files වලට විතරක් මේක පාවිච්චි කරන්න. C: එකේ ඇතුලෙ තියෙන ඒවා වෙනස් කරනව නම් කල්පනාවෙන් කරන්න. OK මේ‍කෙන් ඔයාට Delete කරන්න බැරි Files වගේම Rename කරන්න Move කරන්න බැරි Files වලටත් බෙහෙත් දෙන්න පුලුවන්. ඇයි අපිට මේ Files Delete කරන්න බැරි? ඔයාගෙ Computer එකේ වයිරස් තියෙන්න පුලුවන්. තව අපි Software එහෙම Install කරද්දි ඒවයෙන් මේවා හැදෙන්න පුලුවන්. හරි අපි බලමු මේකෙන් වැඩ කරන්නෙ කොහාමද කියල. මුලින්ම ඉතින් Software එක බාගෙන ඉන්නකෝ. මෙන්න බාගන්න.



Unlocker 1.9.1:x32 [EXE]

Unlocker 1.9.1:x64 [EXE]
දැන් ඉතින් ඕක බාගෙන ඉවරවෙලා Install කරගෙන මේ විදියට කරන්න. Software එක Open කරගන්න.ඊට පස්සෙ මේ විදියෙ එකක් ඒවි.
එතනින් ඔයාට ඕන එක තෝරල OK කරන්න ඊටත් පස්සෙ මේ විදියෙ එකක් ඒවි.
එතනදි ඔයාට ඕන මන්තරේ සිලෙක්ට් කරල OK කරන්න. ඒකත් කරල ඉවර වුනාට පස්සෙ මෙන්න මේක එයි.



මෙතන මේ deleted. කියල වැටෙන්නෙ Delete කරොත් විතරයි. හරි සිම්පල් ප්ලෑන් එකක් නේ ;)
කොමන්ට් එකක්,තරුවක් දෙකක්,දාල ගුණ දොස් කියන එක ඔයාගෙ යුතු කමක්! ගිහිං එන්නාං








මේ ලිපියට තරු කීයක් දෙනවද:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by -SupiriWedaK- | Bloggerized by Pramod Priyashan - Premium Blogger | -සුපිරි වැඩක්-