Post No – 5
ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. අද මම
කියල දෙන්නෙ Facebook
Group එකක් Delete කරන හැටි. අනුන්ගෙ Group එහෙම නෙවෙයි තමන්ගෙ Group එකක් Delete කරන හැටි තමයි මේ කියල දෙන්නෙ. එහෙනම් දැන් වැඩට
බහිමු.
01. මුලින්ම ඔයාගෙ Facebook ගිනුමට ලොග් වෙන්න.
02. දැන් තමන්ගෙ Group එකට යන්න. දැන් ඒකෙ දකුණු
පැත්තෙ Notifications කියන තැනට ගිහින් ඔය තරු ලකුණ උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ Edit
Group Settings කියන එක
ක්ලික් කරන්න.
03. ඊට පස්සෙ මේ වගේ එකක් ඒවි. දැන් Secret කියන තැන ක්ලික් කරල Save කරන්න.
04. ඊට
පස්සෙ තමන්ගෙ Group එකේ නම උඩ ක්ලික් කරල Group එකේ මුලට යන්න.
05. දැන් Notifications
කියන තැනට ගිහින් members කියන එක උඩ ක්ලික් කරන්න.
05. දැන් එකේ ඉන්න members ල ඔක්කොම Remove කරන්න. ඇඩ්මින්ල ඉන්නවනම් එයාලත් අයින් කරන්න
ඔයාගෙ නම වැරදිලාවත් Remove කරන්න
එපා.
06. දැන් ඔක්කොම members ල Remove කරල
ඉවරයිනෙ දැන් අවසානෙට ඔයාගෙ නම Remove කරන්න.
07. ඊට පස්සෙ මේ විදියට මැසේජ් එකක් ඒවි. දැන් ඉතින් දන්නවනේ
මොකක්ද කරන්න ඕන කියල.
Delete Group කියන
එක උඩ ක්ලික් කරානම් දැන් ඔයාගෙ Group එක Delete වෙලා ඇති. මොකක් හරි අවුලක් නම් Comment කරන්න.
බායි එහෙනම් නැවත තව ලිපියකින් හමුවෙමු.
*නිර්මාණය හා කතෘ අයිතිය ප්‍රමෝද් ප්‍රියශාන් සතුය.
*කරුණාකර ***කතෘඅයිතිය සුරකින්න.***.
{[['
']]}